Tuesday, August 27, 2019

2020 තක්සේරු ප්‍රතිශෝධනය

2020 වර්ෂයට අදාලවන පරිදි සීතාවකපුර නගර සභා බල ප්‍රදේශය තුල තක්සේරු ප්‍රතිශෝධන කටයුතු 2019 අගෝස්තු මස 27 දින සිට ආරම්භ වේ. එම කටයුතු සඳහා ඔබ පරිශ්‍රයට පැමිණෙන තක්සේරු නිලධාරීන්ට හා සීතාවකපුර නගර සභා නිළධාරීන්ට ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.

Monday, July 9, 2018

වැවේ කැලේ

වැවේ කැලේ සංරක්ෂිත වැඩ සටහන හා ගල් අතුරා ඇවිදින මංතීරුවක් පිළිසකර කිරීම.



Wednesday, November 29, 2017

2018 වර්ෂයට අදාල වරිපනම් තක්සේරු දැන්වීම්

2018 වර්ෂය සඳහා තක්සේරු දැන්වීම් බෙදාහැරීම මේ දිනවල සිදුවන අතර 2018 වර්ෂය සඳහා වූ වරිපනම් මුදල් ගෙවීමේ පහසුකම් මේ වන විටත් සලසා ඇති බැවින් 10%ක වට්ටම ලබාගන්නා ලෙසත් එලෙස 10%ක වට්ටම ලබා ගන්නා සියළු දෙනා "වට්ටම් වාසි" තරඟය සඳහා ඇතුලත්වන අතර දිනුම් ඇදීමෙන්‍ වටිනා ජංගම දුරකථන දිනාගත හැකිය. 

"2018 වට්ටම් වාසි""2018 වට්ටම් වාසි""2018 වට්ටම් වාසි""2018 වට්ටම් වාසි"

Thursday, August 10, 2017

5 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය

සීතාවකපුර නගර සභා මහජන පුස්තකාලය මගින් සංවිධානය කරනු ලැබු 5 වසර ශිෂ්‍යයින් සඳහා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 2017 ජුලි 29 දින සීතාවකපුර නගර සභා ශාලාවේදි පැවැත්වින. ඒ සඳහා ළමුන් 450ක් පමණ සහභාගි විය.

වැවේ කැලේ ශ්‍රමදානය



2017 ජුලි 27 වැනි දින සීතාවකපුර නගර සභා කාර්ය මණ්ඩල ශ්‍රම දායකත්වයෙන් වැවේ කැලය පිරිසිදු කරන ලදි.